Sinhala

ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවවාදියෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි විසින් 1938දී දක්වා සිටියේ “මනුෂ්‍ය සංහතියේ ඓතිහාසික අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය ලෙසට ලඝු වී ඇත” යනුවෙනි.  මෙම වදන් පෙළ එය ලියූ දිනට මෙන්ම අදටත් සත්‍ය වන අතර අදාළද වේ.

1953 හර්තාලයට පසු ලංකාව තුළ දියත් වූ විචිත්‍රවත්ම ජන අරගලය මේ වන විට දිග හැරෙමින් පවතී. මෙම අරගලයේ ශක්තිමත් බව ඉදිරියේ අමාත්‍ය මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදුවිය. ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂ පාර්ලිමේන්තුව තුළ “ස්වාධීනව” කටයුතු කරන බව කියා සිටියෝය. මහ බැංකු අධිපති ධුරය දැරූ කබ්රාල් ඉල්ලා අස් විය.